පාරභෞමිකයාගේ ඇසින් / The View of an ET

නිරුවත් හදවතින් ලොව දකිමු . . . . .


සෙවනැල්ල පසුපස හඹා ගොස්
රැවටුනා ඒ නුඹ යැයි වරක්
ක්ෂිතජයේ ඉමටම ඇවිද ගොස්
පැමිණුනා තනිවම තව වරක්

ඉර සඳට තරුවට වඩා උණුසුම
පැතුව මතකයි එක් දිනක්
මෘදු සුමුදු නොවනා දැවෙන ගින්නෙන්
අළු වුනා මතකයි දිනක්

ගිලෙන මියැදෙන දිවිය සොඳුරුද
සිතන්නට ලැබුනම ඉඩක්
වියකුණා අවසන් කඳුළු බිද
සිනහවට ඇත තව ඉඩක්
 
  “We shall never know all the good that a simple smile can do.”

2 comments:

කඳුල නෙත වියලී ගියාදෙන්,
සිනහ මල් විකසිත උනාදෙන්,
කඳුලු සීතල වලට වැඩියෙන්,
සිනහ බිඳකට මනාපයි දැන්,

" Smile, even if it's a sad smile,because the only thing sadder than a sad smile is the sadness of not knowing how to smile "

පාරභෞමිකයාගේ ඇසින් දකින කවියට ..පලමු කමෙන්ටුව... බොහොම ස්තූතියි රවි අයියා .... ගොඩාක් ස්තූථියි..

Post a Comment