පාරභෞමිකයාගේ ඇසින් / The View of an ET

නිරුවත් හදවතින් ලොව දකිමු . . . . .

 දැනට වසර තිස් ගණනකට ආසන්න කාලයක් පෘථිවියේ සරන්නෙකු වූ මට , මා කුඩා අවධියේ මුහුණ නොදුන් ගැටළු රැසකට මැදි වීමට සිදු වී ඇත. 

මාගේ වයස , ස්ත්‍රී පුරුෂ භාවය ,තරාතිරම , රැකියාව , අධ්‍යාපනය කුමක් වුවත්  ළමා හා යොවුන් වයස් පසුකර තනි පුද්ගලයෙකු විලස සමාජයට අවතීර්ණ වු දා සිට මට මෙන්ම සෑම දෙනාටම මුහුණ පාන්න වන පොදු ගැටළු රැසකට මා මුහුණ දෙමින් සිටිමි. 

මා මුහුණ දෙන ගැටළු මටම පමණක් ආවේනික වු ගැටළු ලෙස සිතා සිටිය ද , ඒ සියල්ල , අනිකුත් බොහෝ දෙනාට ද ඇති වග , සමාජයේ සැරිසරන ලද මේ කුඩා කාල සීමාව තුල දී මා හඳුනා ගත්තෙමි.

මා ගත කළ බොළඳ අවධියෙන් මිදී තත්ත්‍ය ලෙස ලොව දකින්නට, විඳින්නට , කිසිවකු ඇස නොගැටෙන සොඳුරු දේ මෙන් ම බෙහෙවින් අසුන්දර මඩෙහි ගිලී ඇති මිනිසුන්ගේ හදවත රැඳි කෝප ගින්නක යථාර්ථය වටහා ගැනීමට , බහුතරය නොව සුළු තරය වෙත  ඇස් කණ් යොමු කිරීමට මම කැමැත්තෙමි. 
 
නමුදු , මා වටා ඇති මිනිස් පවුරත් , ඉමක් නොපෙනෙන සදාචාරාත්මක බැම්මත් , විසින් වසන ලද මගේ දෑසට මේ කිසිවක් නියමාකරයෙන් ග්‍රහණය කර ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා ඇහිරී ඇත. 

එබැවින්, මගේ ආත්මය හිස් කර , හදවත නිරුවත් කර ,  මෙලොවට පිටතින්  පැමිණෙන අමුත්තෙකු වී පෘථිවියේ සුන්දරත්වය හා යථාර්ථය විදීමට ගත් අවස්ථාවකි මේ.

2 comments:

ගලන අදහස් පන්හිඳෙන් පණපොවන්න; සුභ පැතුම්!

(Word verification ඉවත් කරන්න පුලුවන් නම් කොමන්ට් කරන අයට පහසුවක් වේවි)

සමා කරනු මැනවි මා කලින් සඳහන් කල Word verification ඉවත් කර ඇති බව දුටුවේ පසුවයි.

Post a Comment