පාරභෞමිකයාගේ ඇසින් / The View of an ET

නිරුවත් හදවතින් ලොව දකිමු . . . . .



දං පඳුරේ අතු ඉති අස්සෙන්
 බට්ටිත්තා කලබලයෙන්
රවුමට රවුමට ඉදගෙන 
මොකද කරන්නේ

සතුට මගේ නැති වුනා
හිත මගෙ ඉහිරී ගියා
ගයන තාල ගී පද වැල්
ඇය අරගෙන ඉගිලුනා

කුරුළු ගීත සුමිහිරි
ඇයට පමණ දෝ හිමී
මල් පල වැල් ගංගා වල්
නැති ද නුඹට පණ සරී

ඇය නැතිවට අද හෙටත්
නුඹ වටිනා සම්පතක්
මල් සුපිපී පල දරන්න
ගයන්න ගී වැල් ගොඩක්

සතුට නුඹේ ලඟ ඇති
 වෙනකකු වෙත එය නැතී
කවුරු ගියත් නුඹ සතුටින්
මුළු ලෝකෙම නුඹෙ සරී

A bird doesn't sing because it has an answer, it sings because it has a song.

 

1 comments:

It shall sing, it shall continue to sing!

Post a Comment